Sunday, February 9, 2014

බොළද නිසා ......සදට පෙම් බැද කවුළුව අසල හිද ලියමි ............

හැමදාම හවසට  හන්තානෙන් හද පායන් එද්දී  ඒ හද දිහා මං මගේ කාමරේ පුංචි ජනේලයෙන් බලන් ඉදියා .අදවත් පුංචි තරු කැටයක් ඒ හදත් එක්ක පායල ඇති මගේ හිත මා එක්කළ කිව්වා.ඒත් මං බෝඩිමට ඇවිත් අවුරුද්දක්ම ගත උනත් හද අවේ හැමදාම තනියම. මං ආසාවෙන්  බලන් හිටිය පුංචි තරුව කවදාවත්ම හදත් එක්ක මාව බලන්න ආවේ නැහැ.හැමෝම කියනවා හන්තාන හද ලස්සනයි කියල.එක බලන්න පින් කරනත් ඕනිලු.වාසනාවක් තියෙන්නත්  ඕනිලු. ඒත් හද අද තවත් නැහැ.මටත් පිස්සු විකාර .

***** "ඔය මදැයි ඉතීන් කියෙව්වා" රූමි මං දිහා ඔරවන් බලන් ඉන්නව හොරැහින්  දැක දැක මං පිස්සියක් වගේ හිනාවෙනවා.
****ඇයි ඉතින්  ඔරවන්නේ.පොඩ්ඩක් ඉන්න .
ඔච්චර ආඩම්බර මොකද මං හදෙන් අහන්න යද්දීම,මගේ යටිහිත මගේ මුනට කඩා පැන්නේ,රාස්සියක් වගේ
****"මල කෝලං" මගේ හිත මට තරවටු කළා.
****ඔයාට මාව අමතක උනේ කොහොමද?ඇයි  දෙයියන්නේ අඩුම තරමේ ඔයාට මව පෙන්නේ නැති වෙන්න පුළුවන් .....ඒත්,,, ඒත් දැන් ඔයට මව ඇහෙන්නෙත් නැද්ද???
මං දන්නවා ඔයට ඕන මව තරහ ගස්සන්න .ඒත් එක තමා ඔයාට කරන්න බැරිම දේ.පිස්සා.හිතුවද මං රැවටෙයි කියල.
කමක් නෑ.ඔය හෙට එනවනේ.මං තරහ නෑ.මං ආයෙත් එන්නම්.
මේ ටිකේම වැහල මහවැලිය උතුරන් නැති  ටික විතරයි.
පොද හුලන් වලට කන අගුලු වැටිලා.ඔය මට කතා කළාද?
හීතලයි.............
එහෙනම් මං යනවා.මං ඔහේ කියවනවා.
පුංච් තරුවට හෙට ඔය එක්ක එන්න කියන්න."

******* "ඉෂි වහපන් ඔය ජනේලේ .මැරෙන්න යනවා සීතලේ.කාමරේ ජනේලේ ඇරන් උඹ ඔය උන
විකාරෙන්ද කියවන්නේ.හෙට විභාගේ. නිදාගනින් මැට්ටි.ඔලුව කුරුහල් වෙලාද???"

ආහැ!!!
මං තුෂිනිම්බුත වීමි.
ආ.....මට එකත්  අමතක වුණා.අද අමාවකනේ.අපරාදේ.....මට කලින් මතක් උනේ නැනේ.එහෙනම් මං බලන් ඉන්නේ නැහැ.ඒත් කමක් නැහැ.හැමදාම මම අමාවක දාටත් හද එනකන් බලන් ඉදියා.මගේ ඇස් රිදෙන්නේ නෑ.
මං දන්නවා
සත්තයි
ඔය
හෙට එනවා
මව බලන්න
මං
ඉන්නම්
 ජනේලේ
ළග
පුරුදු විදියටම..............
අදට සුභ රාත්‍රියක්,,,,,,,,,

                                                                  -ඔයාගෙම ඉෂි-



No comments:

Post a Comment