Thursday, October 26, 2017

බාලා මගේ වස්තුවට



උඹ එනවයි කිව්වම අප්පගේ 
වේලිලා ගිය කළු ඉංගිරියාව පණ ගහලා නැගිට්ටා 
තකහනියක්ම අප්පා
අවුරුදු  ගානකට පස්සේ 
හිනාවක් මුණේ ඔබාගත්තා 
නහර දිගේ උන්දැගේ රැළි පෙන්න ගත්තා 
දැන් වයසයි උන්දැට  !
මට එහෙම හිතුනා 
කණ්ණාඩියට තනියම විරිතගෙන 
තෙල් කුප්පිය අතට 
අරගෙන අතට බිංදු දෙකක් 
හලා ගත්තේ වෙනදාටත් වඩා පරිස්සමට 
ඒ මදිවට පැහිච්ච ඉසකෙස් වල තාලෙට 
ඒවා ඇතිල්ලුවේ තනියම මොනවදෝ කියව කියව 

දොර රෙද්ද මෑත් කරලා සෑහෙන වෙලාවක් 
මන් උන්දැ දිහා බලා හිටියා 
උන්දැ අද තව වෙනතුරු දන්නෙ නෑ ඒක 

උඹට උඹේ  අප්පා 
මට මගේ මනමාල හාදුවැස්ස 
අවුරුදු තිහකට පස්සේ ආයෙත් ලස්සනට පෙනුනා 
උඹ ගෙදර එනවා කියල උන්දැ හැඩවෙනවා 
ඒක පුදුමයක් 
දෙයියනේ  !
මේ ලස්සන !
මෙච්චර කාලයක්ම  මට අමතක වෙලා ගියේ කොහොමද 
උඹේ අප්පා මාව වට හත ගිහින්  කෝවිලේ ඉදන් තැල්ල දාපු හැටියේ 
මගේ නළල ඉම්ඹම වටේ හිටපු නෑයෝ මුණෙන් මුණ බලාගත්තා 
අප්පා උඹ  වගේම තමයි 
මුරණ්ඩුයි 
ඒ මුරණ්ඩුටමයි මන් වැඩි හරියක් ආදරේ කළේ 


උඹ ඉපදිලා මගේ අතට දෙන්න කලින් අප්පා ඇහේ තියාගෙන උඹව ඉඹිනවා මන් බලාගෙන 
හීනියට දිලිසුණූ ඒ  ඇස් වල තිබ්බේ පුදුම ආදරයක් 
එදා උඹ ලොකු මිනිහෙක් වෙන හැටි හීන දැක්ක  අප්පා 
පස්සේ  පස්සේ  ඒ හිනේ හිත ඇතුළෙම තුරුල් කරන් හොරෙන් ඇඩුවේ 
අපි කාටත් නොදැනෙන්න 
අන්තිමට උඹ විමුක්තිකාමියෙක් උනා !
නෑ!  උඹට  එහෙම වෙන්න වැඩ සිද්ධ කළා! 
මේ මහපොළොව එහෙම කරන්න උඹට බලකලා !
මගේ අහිංසක ආත්මය !
ජිවිතය වෙනුවෙන් උඹ මරණය තොර ගත්තා! 
ඒත්  උඹට පුලුවන්ද උඹේ අම්මව අතාරින්න 
බෑ 
උඹට බැරිවුනා 
උඹේ අම්මා උඹව හැමදාම විශ්වාස කළා 
පපුවේ තිබ්බ හැම හුස්මක්ම උඹ හින්දම ගත්ත මට 
අන්තිමට උඹ එන ආරංචිය ලැබුනා 

අප්පා ලෑස්ති වෙන්නේ උඹව එක්ක එන්න 
මන් පොංගල් බත් හැදුවා 
උඹේ ආසම කෑම 
උඹ ආපුවම ලඩ්ඩු හදන්න ලෑස්ති කෙරුවා 

ඒත් 

පුනරුත්තාපනෙට කියල ගියපු උඹව  එක්ක එන්න හිනා  වෙලා ගිය
 අප්පා 
ආපහු ආවේ
 හිස් අතින් 
උඹට හදපු පොංගල් බත් මුට්ටිය අප්පා අල්ලල විසික් කරා 
හයියෙන් මොන මොනවදෝ කිව්වා 
ආයෙත් උන්දැ ඉන් මත්තට කතා කළේ නෑ 
අද තව වෙනතුරු 
උඹේ අම්මට එක වචනයක් උඹ  වෙනුවෙන් 
කතා කරන්න 
උඹ නාවේ ඇයි  අහන්න 
පොංගල් බත් කවන්න 
කවදාවත් අද වෙනතුරු 
කවුරුත් නෑ 
උඹ වෙනුවෙන් මට අඩන්න 
කදුළු මට නෑ මගේ වස්තුවේ 

උඹේ කියල  මට ඉතුරු වෙච්ච උඹේ 
හැදුනුම් පතේ පොටෝ කැල්ල 
සාරි  පොටෙන්  වහන් කරන් පපුවට තුරුලු කරගත්තේ 
උන් එකත් මගෙන් උදුරගයි කියලා මගේ හිත කියන හින්ද 

ඇයි උඹ ඔය තරම්ම මුරණ්ඩු 
ඇයි උඹට මේ අම්මගේ ඇස දෙකට පෙන්න එන්න බැරි 
අඩුම තරමේ උඹේ අප්පට ඇයි උඹට ලියුම් කඩදාසියක් එවන්න බැරි 
අඩුම තරමේ මොකද උඹට උනේ කියලා ඇයි උන්ට අපිට කියන්න බැරි 

මට මේ මොකොවත් නොතේරෙන්නේ ඇයි කියලවත් උන්ට කියන්න කියාපන් 

උඹේ අම්ම කට්ට කළු බව හැබැව 
ඔව් එකී දෙමළ බවත් හැබැව 
එත් ඒකිට පපුවක් තියෙනවා 
උඹවත් උන්ට කියපන් එක 
මේ අව් කාශ්ටකෙට ජිවිතේ පිච්චිලා 
ගිනි ගන්නවා 
පපුව පිචිච්ලා අළු වෙලා 
පෑදිලා ගිය නහර ටික 
යන්තම් හුස්ම ගන්නවා 
මේ දුෂ්කර ක්‍රියාව
බුදු වෙන්න බැරි බව දැනගෙනම 
දෙයියෝ  විශ්වාස කරගෙන
උඹ එනකන් මන් ඉන්න එකක් 


ඇවිත් කතා කරපන් !
අප්පාගේ ඇස්  දෙක පිය වෙන්න කලින් 

උඹ මට වීරයෙක් ! මගේ වස්තුවේ 
හීනෙන් ඇවිත් කියපන් උඹ ආ වග 
හෙට උපවාසෙට යන්න කලින් මට 
පපුව පැලිලා මැරිලා යන්න 
උඹේ ආදර හාද්දකින් 
බාලා මගේ  වස්තුවට 
මොකද වුනේ කියන්න මට!!

Friday, January 2, 2015

Turning my pen 
on Exam Paper 
I had a moment
Running my head  far away
Days back
months away
and 
it has become a year
I sit in the same place
with a different attire
on my outer appearance
But
"wearing" the same soul
I had before a year
painted
and 
covered
by a mask
Inhumane mask
a devil mask
Past shrugged by my own mind
A moment
I left for my thoughts
Instead my hand on  Exam paper
But thoughts were buried and paralyzed

Deep Down....

I took my pen 
Yearning words to write
I wrote
                       "TIME"
within a fraction of a second
Things have changed
               "IMPORTANT"
 becomes 
           "UNIMPORTANT"
             "VALUABLE"
becomes
           "INVALUABLE"
             "WORDS"
becomes
              "WORDS"
 People laugh
I just became old,,,,,,,,

Saturday, April 12, 2014

යන්න කළින් උඹට.....


                                          

දැනගන්න විදියක් නැති උණත්
බලා උන්නා ඇස් දෙකේ හිරි ඇරගන්න
දෙරි ඇදිච්ච පොප්ලර් ගහේ
වේලිච්ච අත්ත උඩ මං
ඈත නිම්නයෙන්
උඹේ රුව දැකගන්න
හැමදාම
උදේ හවා
ඉදිය ඉදිල්ල උඹ දන්නවනම්........
මිට මාස පහ හයකට එපිට
උඹ එව්ව ලියුම් කඩදහිය
දැක්ක වෙලේ ඉදන්
මගේ තිබුණු කඩි කුලප්පුවට
වටේ පිටේ උන් හිනා උනා
ඇස් අස්සේ
දිලිහුණු උඹේ හින්දෑරි
කළු ඉංගිරියාවේ
අපුරුව මං
අකුරු අස්සේ
හොයා හොයා
හිනාවුණු හිනාවිල්ල
මේ තරම්ම බර වැඩි විත්තිය මං දැනන් උන්නේ නෑ
උඹට පෙනුනේ නැති උනාට
උඹේ ඔය කළු සද්දන්ත
සරීර කුඩුවේ
හැංගිලා හිටපු
පුංචි කෙල්ලට
උඹේ පපු කැනැත්තේම ඉපදිලා
මොහොතකින්
උණුවෙලා දියවෙලා
අතරමං  වෙච්ච
උඹේම
වෙච්ච
ඒත්
උඹේම
නොවිච්ච
උඹේ
ආදර කෙල්ල අල්තීනායිට
උඹ කොයි තරම් අගනා
වස්තුවක්ද කියල උඹ දන්නේ නැහැ දුයිෂෙන්,,,,,
උඹ දන්නේ නැහැ
උඹ ගුරුතුමා  බව හැබෑව
ඒත් ඒත් මේ
පුංචිම
පුංචි එකිට
ආදරේ කරපු උඹ
ඒකිව දාලා
 නිහඩවම
 ගොළුවෙලා
ඉන්නවා
දකින්න තරම්
එකී තවත්
දහිරිය වන්ත නෑ
ශක්තිවන්ත ඒකිගේ ආත්මයම
පුපුරු ගහන
ගිනිකන්දක් වගේ...
කදුළු කැට බර වැඩි උණත්
කම්මුල් දෙකේ
බේරෙන
උණුහුම් හිම කැටි
උඹටත් හොරා ලෝකෙන් හංගගෙන
ගිනි ගහන අව්වෙත්
බේරී බේරී යන්නේ
ආලවන්ත ඒකිගේ
අහංකාර ආඩම්බර කම දිය කරගෙන
උඹ වෙනුවෙන්...
ඒකිගේ දුයිෂේන් වෙනුවෙන්...
පුළුවන් නම් එකම එක වතාවක්
අපි නිතරම
හම්බවෙච්ච
හින් සීරුවට
ගලන
පුංචි දොළ පාරට
වරෙන්....
එකම එක වතාවක්
කියාගන්න බැරි
උඹව දැකගන්න ..
යන්න කලින්
ඒකිගේ පවුකාර අවාසනාවන්ත ජීවිතෙන්......
ආයෙත් උඹට මුණ නොගැහෙන්නම
යන්නම යන්න
අන්තිම වතාවට
මේ ජීවිතෙන්
උඹව දකින්න.....
මතක තියගනින්
මුළු ලෝකෙටම
මාව අමතක වෙයි  ඉක්මනින්ම
ඉක්මනින්ම
උඹට අමතක උණා වගේම
ඒත් ඒත් උඹට බෑ
එහෙම කරන්න
උඹට ආදරේ කළ කෙල්ල
මං
පුංචි කෙල්ල
මතක තියාගනින්
හැමදාටම
වෙහෙසයි
ජිවිතේ
යන්න වෙලාව හරි...
බලන් එන්නව උඹ එනකන් අන්තිම වතාවටත්
එහෙනම්
උඹයි මමයි කවදාවත් දෙයියෝ විශ්වාස  කලේ නැති උණත්
වෙන කියන්න දෙයක් නැහැ මට..........
මගේම
ආදරණිය ගුරුතුමා
දුයිෂේන්
උඹට
දෙවි පිහිටයි !!!!

                         -උඹේම ආදර අල්තීනායි -








Friday, April 11, 2014

“Of course I’ll hurt you. Of course you’ll hurt me. Of course we will hurt each other. But this is the very condition of existence. To become spring, means accepting the risk of winter. To become presence, means accepting the risk of absence.
Antoine de Saint-Exupéry

Saturday, April 5, 2014

රොබරෝසියා,,,
වැටුනු 
මල්
ඔබ මොබ
වැව් දිය මත
දුටු මම
බලාගත්තෙමි
ඉවත
සුන්දර
ළා
පැහැය
දැක
දොස් නගන
මගේ
හද
කියයි මට
වැටෙන කදුළු කැට
වැව් දියට
මුසුකළ
වැඩකට
නැති
අකලටම පිපුණු
රොබරෝයා
මල
මම!!

Wednesday, February 12, 2014

මට මගේ කවි (ආත්මාර්ථයෙන්)..........



ගිගුම් දී පතිත වුණු
වැහි බ්දු
එක්වරම
කළඹයි
ම දැහැන
නොදෙයි  ම සිත්
ඉවසුම්
මොහොතක් මම
කවුළුවෙන් එපිට බලා,,,,,,,,,,
නග්න
ම සිතිවිලි අතර
ඔච්චමින් දගලන
තුරු වදුළ
නැලවී නැලවී
නටන හැටි......
දුටුවෙමි
මොහොතකින්
කවුළුවෙන් මෙපිට බලා,,,,,,,,,
නැවත
යොමු කලෙමි
දෙනෙත්
නිදිබර
පොතෙහි පිටු මත
උඹට දුරයි  ලෝකය
පිටු අතර
හිර වුන
විභාගය
අත ළග
මොකද උඹ වැහි හිරිකඩට ආසා???
තෙමෙන්නද හදන්නේ???
හීතලේ
ගැහෙන් නැතුව
බලාගනින්
පොත !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!