Wednesday, February 12, 2014

මට මගේ කවි (ආත්මාර්ථයෙන්)..........



ගිගුම් දී පතිත වුණු
වැහි බ්දු
එක්වරම
කළඹයි
ම දැහැන
නොදෙයි  ම සිත්
ඉවසුම්
මොහොතක් මම
කවුළුවෙන් එපිට බලා,,,,,,,,,,
නග්න
ම සිතිවිලි අතර
ඔච්චමින් දගලන
තුරු වදුළ
නැලවී නැලවී
නටන හැටි......
දුටුවෙමි
මොහොතකින්
කවුළුවෙන් මෙපිට බලා,,,,,,,,,
නැවත
යොමු කලෙමි
දෙනෙත්
නිදිබර
පොතෙහි පිටු මත
උඹට දුරයි  ලෝකය
පිටු අතර
හිර වුන
විභාගය
අත ළග
මොකද උඹ වැහි හිරිකඩට ආසා???
තෙමෙන්නද හදන්නේ???
හීතලේ
ගැහෙන් නැතුව
බලාගනින්
පොත !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Tuesday, February 11, 2014

සදේ ලපය

සදේ ලපය
සදවතකි ම මුහුන
නිවැරදි උපමාව
වල ගොඩලි පිරි ඇත
ලප කළල් මැකී නැත අවපහය ගැන්ව ඇත 
එනමුත් පැලැස්තර මට නොමැත
මමම සද වු

 ලෙසින
එහෙයන්
සදේ ලප
සදට මිස
වෙන කාට........

අප්පච්චි....

අප්පච්චි....
අර සිත්තිජයට උඩින් 
අහස් යාන්තරාවේ යන 
අපේ ආඩම්බර කාර 
අප්පච්චි.....
අපි දිහා බලබල
මට අතවනන් ගියා විතරයි
මන් උඹේ අතේ
පපුවට තුරුල් වෙලා ඉන්න
හින්ද
උන්දට
මාව ඉඹින්න
හිතෙන්න නැතු ඇති
එත් මන් ආදරේ
උඹට
අර ඈත ඉදන් අපි වෙනුවෙන්
අපිට අල්ලන්න
පුලුවන් මහපොළොවේ ඉන්න
අපේ උන්ට
මහ පොළවට
මන් ආදරේ
නොපෙනෙන සිතිජයට වඩා...



"6% ට මොකද උනේ? කැම්පස් කාරයෝ පච උනා නේද නිකන්" අහන ඇයන්ට උත්තර, ප්‍රතිඋත්තර දෙමුද? අවුරුද්දකට  පස්සේ හිතෙන දේ කියමු !!!!! සංවාදයට,,,,,,,,, 

Sunday, February 9, 2014

බොළද නිසා ......සදට පෙම් බැද කවුළුව අසල හිද ලියමි ............

හැමදාම හවසට  හන්තානෙන් හද පායන් එද්දී  ඒ හද දිහා මං මගේ කාමරේ පුංචි ජනේලයෙන් බලන් ඉදියා .අදවත් පුංචි තරු කැටයක් ඒ හදත් එක්ක පායල ඇති මගේ හිත මා එක්කළ කිව්වා.ඒත් මං බෝඩිමට ඇවිත් අවුරුද්දක්ම ගත උනත් හද අවේ හැමදාම තනියම. මං ආසාවෙන්  බලන් හිටිය පුංචි තරුව කවදාවත්ම හදත් එක්ක මාව බලන්න ආවේ නැහැ.හැමෝම කියනවා හන්තාන හද ලස්සනයි කියල.එක බලන්න පින් කරනත් ඕනිලු.වාසනාවක් තියෙන්නත්  ඕනිලු. ඒත් හද අද තවත් නැහැ.මටත් පිස්සු විකාර .

***** "ඔය මදැයි ඉතීන් කියෙව්වා" රූමි මං දිහා ඔරවන් බලන් ඉන්නව හොරැහින්  දැක දැක මං පිස්සියක් වගේ හිනාවෙනවා.
****ඇයි ඉතින්  ඔරවන්නේ.පොඩ්ඩක් ඉන්න .
ඔච්චර ආඩම්බර මොකද මං හදෙන් අහන්න යද්දීම,මගේ යටිහිත මගේ මුනට කඩා පැන්නේ,රාස්සියක් වගේ
****"මල කෝලං" මගේ හිත මට තරවටු කළා.
****ඔයාට මාව අමතක උනේ කොහොමද?ඇයි  දෙයියන්නේ අඩුම තරමේ ඔයාට මව පෙන්නේ නැති වෙන්න පුළුවන් .....ඒත්,,, ඒත් දැන් ඔයට මව ඇහෙන්නෙත් නැද්ද???
මං දන්නවා ඔයට ඕන මව තරහ ගස්සන්න .ඒත් එක තමා ඔයාට කරන්න බැරිම දේ.පිස්සා.හිතුවද මං රැවටෙයි කියල.
කමක් නෑ.ඔය හෙට එනවනේ.මං තරහ නෑ.මං ආයෙත් එන්නම්.
මේ ටිකේම වැහල මහවැලිය උතුරන් නැති  ටික විතරයි.
පොද හුලන් වලට කන අගුලු වැටිලා.ඔය මට කතා කළාද?
හීතලයි.............
එහෙනම් මං යනවා.මං ඔහේ කියවනවා.
පුංච් තරුවට හෙට ඔය එක්ක එන්න කියන්න."

******* "ඉෂි වහපන් ඔය ජනේලේ .මැරෙන්න යනවා සීතලේ.කාමරේ ජනේලේ ඇරන් උඹ ඔය උන
විකාරෙන්ද කියවන්නේ.හෙට විභාගේ. නිදාගනින් මැට්ටි.ඔලුව කුරුහල් වෙලාද???"

ආහැ!!!
මං තුෂිනිම්බුත වීමි.
ආ.....මට එකත්  අමතක වුණා.අද අමාවකනේ.අපරාදේ.....මට කලින් මතක් උනේ නැනේ.එහෙනම් මං බලන් ඉන්නේ නැහැ.ඒත් කමක් නැහැ.හැමදාම මම අමාවක දාටත් හද එනකන් බලන් ඉදියා.මගේ ඇස් රිදෙන්නේ නෑ.
මං දන්නවා
සත්තයි
ඔය
හෙට එනවා
මව බලන්න
මං
ඉන්නම්
 ජනේලේ
ළග
පුරුදු විදියටම..............
අදට සුභ රාත්‍රියක්,,,,,,,,,

                                                                  -ඔයාගෙම ඉෂි-



මතක සටහන්,,,,,69 න් 14ට අතීත කාමය සොයා ගිය සෙලොලොයිඩ් දෙපැය -හන්තානේ කතාව-

මගේ කතාවේ  ආරම්භය මෙතන යැයි නිශ්ච්තව ස්ථාන ගත කිරීමේ නොහැකියාවෙන් පෙළුනා වු අතිදුෂ්කර පැය විසි හතරක ඈවෑමෙන්  හැගීම් අකුරු කරන්නට පෑන අතට ගත්තේ සිතේ තෙරපෙන දහසක් දුෂ්ටිවාදයන්,පරස්පර විරෝධී තර්කයන් ,ෆැන්ටසින්,හුදු බොළද ආකයානයනයන් මෙන්ම භාවමය චින්තනයන් හරි හැටි පෙළගසා  ගන්නට  මා හට ඇති හැකියාව නිසා නොව මා මනස එකී අතිත කාමයෙන්  ඔද්දල් වී යනු උහුලා ගත නොහැකි තැනය...............
                                          ඉතිරිය ඉදිරියට  හෙමින් ,,,,,,,,,,

$$$$$$$$ආලිංගනයේ ආශා$$$$$$$$$$$

කර්ම......
හුස්ම.......
ආලිංගනයේ ආශා
තත්පරයක්
ආයෙත්..........
කර්ම
හෝරාවේ
අදුරු යහන
සන්තර්පණ
ආලිංගනයේ
******************
****************
**************
************
*********
*******
*****
****
***
**
*
යුක්තානුවක
             ආගමනයෙන්........
ආලිංගනයේ ආශා.....
සොයයි
හුස්ම
බිදෙන
කර්ම********
************
කන්‍යා
*
*
*
*
ආලිංගනයේ ආශා
හුස්ම,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
කර්ම,,,,,,,,,,,,,,,,,,,,,,

Saturday, February 8, 2014

Was it You Or Heathcliff ( In love with Wuthering Heights)


I had a book on my hand
It was wuthering Heights
I read through lines;
In search of something
And I did not know what I searched
I my self with my eyes
ran on page by page; one by one; day by day
It was hard
It was stupid
It was lovely
It was funny
It was gothic
I say
Still I'm not satisfied
Ones  who are around me
 They say
Exam is so close
Work on it hardly
But
 suddenly I found it
I didnot know what I searched
It was on chapter 9
I need not know what it meant
I need not know who uttered it
I need not know  the literally value
I need not know the way of reviewing it
And what it should mean at the exam
But
I could tell you
It was ME no Catherine
I found within the lines
It was YOU no Heathcliff
I found within the lines
"I Love the ground under his feet ,and the air over his head,and everything he touches,and every word he says.I love all his looks,and all his actions,and him entirely altogether.There now"
But
I'm afraid
Heathcliff
I'm afraid
I need
 YOU
I won't need Lintons in my life
And I can not end up like
Catherine
I NEED TO SURVIVE
But
without
YOU
It is impossible
I say
PLEASE
LOVE ME OR LEAVE ME ALONE!!!!!!!!!!!

ඇළපාතට ලියම් .....

කවි එවන්නේ නැද්ද දැන්
ඉස්සර වගේ
බලන් හිටිය මන්
කළුවර ගලාගෙන ඇවිත් දෙපා මුල
වැටිලා
එත්හිත දුන්නේ
නෑ
මට
ඇස් පියා
ගන්න
ඇළපාත
හිත රිද්දගන්න
 එපා මන් නිසා
මට දෙනිපිටියට එන්න ආසයි
බැරිවුණත්
කවද හරි මුණ ගැහුණොත්
අහන් ඉන්න
මගේ
කවි....
      -ගජමන් නෝනා-

ආදර වස්තුවට.......


ඔව් මං බලන් උන්නා
මගේ ආදර වස්තුව
එනකන්
සුසුම්ලන
අදුරේ
හීන් තනිකමට ශාප කරමින්
ඔබ ඇතුලු
දෙනෝදාහක් මැද තනිකම
උහුළ ගන්න බැරුව
"ඔබ"
මෑත කෙළවරක හිද
බලා උන් වග
නොදත්තෙමි මම
අවුල් වූ මගේ හිත දෙස
අවුල් වූ හිසකේ අතරින්
අත්ළ තුළ මුහුණ සගවාගෙන
නොහදුනන
"ආදර වස්තුවේ"
ස්පර්ශයට
පැමිණි
වියළි ගිය ආත්මයට
හින් හිතල බර වැඩිවුණත්
මගේ"ආදර වස්තුව"
ළග ළගම එනවග දැන
උන්නා
සංස්පර්ශයට
බලාපොරෝතුවක්,,,,,,,,,,,,,
බලාපොරොත්තුවෙන්,,,,,,,
දන්නවද
ඔබ
නොදන්න
"ආදර වස්තුවේ"
එකම එක බොළද
වාක්‍යක්
මගේ හිත නිරන්තරව මුමුණනවා....
"අවුරුදු  40 දී දකින ප්‍රේමයට වඩා අවුරුදු 18 දී දකින ප්‍රේමය හරි වෙනස්"
ඒත්දන්නවද ඔබ
18 ප්‍රේමයට ඇය ලෝබයි
ඔව්මම
ලෝබයි
බොළද උණත්
"ඈ"
කැමතියි
"ඈ"
මග බලන්
"ඈ" තුළම "ඔහු" දකින
"ඔහු" තුළම "ඈ" දකින
ඔබ මාද
මා ඔබද
අපි අපමසොයනා
අදුරේ
ඔබේත්
මගේත්
"ආදර වස්තුව"
-නිමිත්ත-
සවස 6.45 -පේරාදෙණිය වල
( රාජිත දිසානායක ගේ ආදර වස්තුව එනකන්)

අල්තීනායිගෙන්................


ඊයේ හැන්දෑවේ
මට උහුලගන්න බැරි හීතල
පොරනුවේ ගින්දර ළගට වෙලා
දර කෝටු එකින් එක පිච්චෙන හැටි මන් බලන් හිටියට
මගේ ඇගම හිරිගඩු පිපුනා
"ඉතින් උඹට නිකමට වත්
උඹේ උණූහුම හොයන් යන්න හිතෙන්නැද්ද?
ඉක්මන් කරපන්
කබාය ඇදගනින්
උඹ ආදරෙන්  රැකගත්ත
පොප්ලර් ගස් දෙක
මේ හුළගට
නටන නැටිල්ල බලන්න
උඹ  යන්නම ඕනෑ..
උඹ එනකන්
බලන් ඉන්නවා"
මගේ හිත මට කිව්වා.
කවුද???
මන් ආයෙත් ඇහුවා
"උණුහුම"
මගේ හිත කිව්වා....
ඔව්!!! හනිකට මා යා යුතුයි
ඇත්තමයි මේ හීතල මට දරා ගන්න බෑ
මන් එනව ඔය උණුහුම හොයාගෙන
දුයිෂෙන්..............
මගේ ආදරණිය ගුරුතුමා
පොරොන්දුවෙන්න
ඔබේ ආදරණිය කෙල්ල
අල්තිනායි
උබේ උණුහුම් හිම කබායට ආදරෙන් තුරුළු කරගන්න
එකම එක වතාවක්
මට සමාවෙන්න !!!!
එත් මන් එනව අපි දෙන්නගේ
පොප්ලර් ගස දෙක ළගට
මට හීතලයි !!!!!!!!!!!!

(ගුරු ගීතයට ආදරෙන් )

අල්තිනායිට..........



උඹේ  ලියුම් කඩදහිය
ලැබුනා
මගේ ආදරණිය කෙල්ල
උඹට  මාව මතක් උනා එහෙනම්.....
ලියන්න උන්නේ බොහොම කලින් මන්
ඒත් හිත වද කලා
කඩදහිය අතට ගත්ත හැම වෙලාවකම
මගේ කබල් පෑන් තුඩින්
උඹේ රවුම් අකුරු වලට
මගේ හිතිවිලි ගලපන්ට තරම් මට හයියක් තිබ්බේ නෑ...
හැබෑ සතුටුයි මට
දැන් ලොකු නෝනා කෙනෙක් විත්තිය දැනෙන කොට
සිතල දවස් වල
පොප්ලර් ගස්
හෙවනේ මන් හැමදාම උන්නා
උන් නටන හැටි බලන්න
උඹට හොරා මන් හැම රැකම
එනව
ඒත් හදිසියේ මන් උඹට ලියන්න හිතුවේ
යමක් කියන්න.............
මගේ පොප්ලර් ගහ ඊයේ පාන්දර ජාමේ
දෙරි ඇදිල
මට සාන්කාව
මන් යන්ට ඕනෑ!!!!!!!!
මගේ හිල් කබායෙන්
උඹේ  හිතල නිවන්න මට බැරිවේවි
ඉදුණු කොන්ඩ ගස් මගේ ඔලුවේ පුරාම
උඹේ නාකි ගුරුතුමා
මහල්ලෙක්
ඔව්  නිකම්ම නිකම් මහල්ලලෙක්
මගේ අල්තිනායි
උඹව තුරුල් කරගෙන උණුහුම් හාද්දක් දෙන්න මට බැරි වෙවී !!!
ඒත්,,ඒත් මට දැන් හිතලයි
අල්තිනායි
මගේ ආදරණිය කෙල්ල
මේ හීත ඉරිතුව ගෙවෙන්න කලින්
එක දවසක් වරෙන් මා ළගට
කියාගන්න
බැරිවුන
දකින්න
බැරිවුන
උඹ දකින්න මන් බලන් ඉන්නව
මන් ආදරෙයි අල්තිනායි!!!!!!!!
ආදරෙයි!!!!!!
උඹේ ගුරුතුමා උඹට ආදරෙයි!!!!
එනව නේද???
උඹ එන්න කලින් මට යන්න උනෝත්
මට සමාවෙයන්!!!!
මේ මහලු දුයිෂේන්ට සමාවෙයන්
මට හිතලයි!!!!!!!